ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා වසර 21ක් හිරේ
වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතෙකුව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර
21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. එක් අධිචෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණු අතර 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම වසර 7කින් ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. ඊට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් විත්තිකාරියට දඩ නියම කළ විනිසුරු ඇයට මාස 3 බැගින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කෙරිණි.
2007 වසරේ ජූලි මස 10 වන දින සහ 2008 වසරේ ජූනි මස 31 වන දින අතර කාලයේ අනුරාධපුර මහාධිකරණ බල ප්රදේශයට අයත් මරදන්කඩවලදි විත්තිකාරිය මෙම වරද සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංග්රහයේ 365 ආ (2) ආ වගන්තිය ප්රකාරව අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකාර කාන්තාවට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදකට කාන්තාවකට මෙරට මහාධිකරණයකින් මෑත කාලයේ 21 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ ඉතිහාසයේ ප්රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි
ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා වසර 21ක් හිරේ
Reviewed by Gossip Girl
on
October 31, 2017
Rating:
No comments