පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග


ලිංගික උත්තේජක වර්ග දැන් ගෘහස්ථ මට්ටමින් පවතින පවතියි. එමෙන්ම මේවා දැන් වෙළඳපොලේ පහසුවෙන් ලබා ගැනීමට හැකි මට්ටමක් ද තිබේ.

අපි මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ (අං‍ගොඩ) විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහගෙන් මෙම ලිංගික උත්තේජන ආලේපන පිළිබඳ විමසා සිටියෙමු.

එවිට ඔහු ඒ පිළිබඳ විස්තර කොට සිටියේ මෙලෙසිනි,

“පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග සහ ආලේපන භාවිතයට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. මෙහිදී එම පුරුෂයන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය දෙයාකාරයකින් වර්ධනය වෙතැයි බොහෝ දෙනෙක් බලා පොරොත්තු වෙනවා.

ඉන් පළමුවැන්න ලිංගික ප්‍රාණවත් බවයි, දෙවැන්න වැඩිවේලාවක් ලිංගික කාරියේ යෙදීමට ඇති අවකාශයයි.

මේ සඳහා යම් යම් ප්‍රතිඵල ගෙන දෙන බටහිර ඖෂධ තිබෙනවා. ඇතැම් ඖෂධ වල අතුරු ආබාධ වශයෙනුත් මෙම තත්ත්වයන් දකින්නට පුළුවන්. කෙසේ හෝ මෙවැනි ලිංගික උත්තේජනයන් සඳහා ස්ප්‍රේ වර්ග භාවිතයක් පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ නැහැ. නමුත් මෙවැනි ආලේපන ලංකාවේ ඕනෑතරම් ඇති අතර ඒ කිසිවක් ඖෂධ ආඥා පනත යටතේ ලියාපදිංචි වූ ඒවා නොවේ. එනිසා මේවායේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව පිළිබඳව  පරීක්ෂා කරන ආයතනයක් නැහැ. යම් පරීක්ෂාවක් සිදුවන්නේ මෙවැනි ද්‍රව්‍යයකින් සිදුවූ කිසියම් හානියක් පිළිබඳව අධිකරණයට වාර්තා වුවහොත් පමණයි. කෙසේ හෝ මේවායේ බොහෝවිට ඇත්තේ ශරීරයේ කොටස් නිර්වින්දනයට යොදා ගන්නා ද්‍රාවණයන් බවයි පෙනී යන්නේ. ඊට අමතරව ඒ අදාල ප්‍රදේශයේ රුධිර නාල විස්තාරණය කිරීමේ ඉතා සුළු හැකියාවකුත් මෙවන් ද්‍රාවණයන් තුළ පවතිනවා. නමුත් මේවායේ මිල, ඇසුරුම, ලබා ගන්නා ස්ථානය, ඒවා භාවිතා කරන සමාජ පැලැන්තිය ආදී කරුණු මැනැසේ ධාරණය වූ කෙනෙකුට මේවා අතිශය ප්‍රබල ඖෂධ යන මානසික ඇනවුම (Suggestion) ලැබෙන්නට පුළුවන්. එවිට ලිංගිකත්වය කෙරෙහි ඇති බිය, පසුබෑම වැනි මානසික සාධක ඉවත් වී මානසික ප්‍රබෝධයක් ලැබීම නිසා එම ලිංගික කාරිය සඳහා අවශ්‍ය කායික ප්‍රබෝධයද අත්විය හැකියි. එවිට ලිංගික ප්‍රාණවත් වීම සහ වැඩි වේලාවක් ලිංගිකත්වයේ යෙදීමට ඇති අවකාශය ස්වභාවිකවම වැඩිවෙනවා.
ඉතා සරලව මෙය හැඳින්වුව හොත් මෙය නම් කළ හැක්කේ තුෂ්ඨක බලය (Plecebo) යනුවෙනුයි. ශරීරයේ කිසියම්  තැනකට විද ගැනීම සඳහා යොදා ගන්නා මෙවැනි දෙයක් මුණට ඉසීමෙන් හුස්ම ගැනීමේ අපහසුව සහ වමනය වැනි ලක්ෂණ අත්විදිය හැකි වුවත් එය බොහෝ විට මානසික බලපෑම නිසා ඇති වන්නක්. ඊට හේතුව මේවායේ ශරීරයට අහිතකර රසායනිකයන් නොමැති වීමයි.

ඒ කෙසේ හෝ වැඩිහිටියන් තමන්ගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් විය යුතු සේම තමන්ගේ පෞද්ගලික පරිහරණ උපකරණ දරුවන් අතට පත් නොවීමට වග බලා ගැනීමද වැදගත් බව අවසාන වශයෙන් කිව යුතුයි.”

විශේෂඥ මනෝ වෛද්‍යවරයා කීය.

පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග පිරිමින්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි කරවන ඖෂධ වර්ග Reviewed by Shani View Home Design on October 31, 2017 Rating: 5

No comments