අපි බැන්දා ගොඩක් සතුටුයි බොහොම ස්තුතියි ශ්‍රී ලංකා
අපි බැන්දා. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා
කොළඹ දී යුග දිවියට එළැඹි චීන ජාතික මනාල මනාලියෝ
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට එකම දිනයක ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමේ උත්සවයක් කොළඹ දී පැවැත්විණි.
ඉරිදා (දෙසැම්බර් 17) සවස කොළඹ නගර සභා පිටියේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වනු ලැබ තිබුණේ "රාජකීය විවාහ මංගල උත්සවයක්" ලෙසිනි.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඓතිහාසික චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව උත්සවය අතරවාරයේ බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටියහ.
ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අතිනත ගනු ලැබුවේ සිංහල මංගල චාරිත්‍ර කිහිපයක් ද අනුගමනය කරමිනි."ගොඩක් සතුටුයි, මෙහෙම ගොඩක් අය එක්ක එකතුවෙලා අපේ මංගල උත්සවය ගන්න ලැබීම ගැන. මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ," එක් චීන මනාලයෙක් සිය විශේෂ දිනය පිළිබඳව බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව තමන්ට සුවිශේෂී රටක් බව සංවාදයට එක් වූ ඔහුගේ බිරිඳ පැවසීය.
මෙන්න එහි වීඩියෝව

Reviewed by PRABASH
on
December 19, 2017
Rating:
No comments