ලොව නන් දෙසින් වාර්තාවන ධවල කන්‍යා අවතාර වීඩියෝඅ ශාක්ශි සහිතයි

කුරිරු රජ මාළිඟාවල කවුළු පඩි මත හිඳ දුක්බර දෑසින් පිටත බලා සිටිනු ඔබ දැක ඇත්තේ ඇයයි. සීතල සඳ රැස් පොළව තෙමනා ගුප්ත රාත්‍රීන්වල පාළු මාවත්වලදී ඔබට හමු වූයේ ඇයයි. මූසල රාත්‍රීන්හි දී අඳුරු උමං දුම්රියපළවල්වල දුක් ගී ගයන්නේ ඇයයි. පැරරි හෝටල් කාමර තුළ සඳ නැති රෑට ඔබට පිටුපසින් කැඩපතෙහි පෙනී සිටියේ ඇයයි. අත්හළ නොහැකි වූ බැඳීම් නිසාවෙන් නිදහස සොයා ගත නොහී මෙලොවට බැඳී සිටින, යුක්තිය ඉල්ලා හඬා වැටෙන, අතීතයෙන් සාප යදින ධවල කන්‍යාවන්. ඔබගේ කුඩා කාලයට ගුප්ත රසයක් එක් කළ, ඔබ සවන් වැකී ඇති හොල්මන් කතාවලින් බහුතරයකට සුදු හැඳගත් කාන්තාවක් හෙවත් ධවල කන්‍යාවක් කෙසේ හෝ සම්බන්ධ වී තිබුණා යෑයි කිවහොත් නිවැරදි යෑයි සිතමි. මන්ද යත් ආසියාතික අපගේ අවතාර පිළිබඳ සංකල්පය බොහෝවිට නිර්මාණය වී ඇත්තේ සුදු හැඳ ගත් කාන්තාවන් අලලා වීම නිසායි. එසේ මුදු මෙහි විශේෂත්වය වන්නේ ධවල කන්‍යාවන් යනු ලොව එක් රටකට, එක් ප්‍රදේශයකට සීමා නොවූ ලොව පුරා නොයෙක් තැන්වලදී දර්ශනය වන විශ්වීය අවතාර විශේෂයක් වීමයි. ලොව පුරා පොදුවේ "White Lady" ලෙසින් හඳුන්වනු ලබන ප්‍රසිද්ධ අවතාර විශේෂය ගැන කරුණු ස්වල්පයක් මෙසේය.
මෙන්න එයට අදාල වීඩ්යෝ පටයක්
White Lady හෙවත් ධවල කන්‍යාවන් යනු ලොව පුරා නොයෙක් තැන්වලින් වාර්තා වන කාන්තා අවතාර විශේෂයකි. ධවල වතින් සැරසුණ මෙම කාන්තාවන්ගේ වස්ත්‍රය සුදු ගවොම, සුදු නිදන ගවොම, සුදු සාරිය ආදී වශයෙන් වෙනස් විය හැකි අතර මොවුන් හඳුන්වන මෙම පොදු නාමය මෙම ධවල පැහැ වස්ත්‍රය කරණ කොටගෙනම ජනනය වූවකි. ලෝකය පුරා තැනින් තැන දර්ශනය වන ධවල කන්‍යාවන්ගේ ඇඳුමේ වර්ණය හැරුණු විට ප්‍රධානතම සමානත්වය වන්නේ ඔවුන් වටා නිබඳ කිසියම් ඛේදනීය පුරාවෘත්තයක් බැඳී තිබීමයි. මෙම කතා පුවත බොහෝ අවස්ථාවලදී අහිමි වූ දරුවෙකු හෝ චපල ස්වාමියෙකු/ පෙම්වතෙකු මුල් කරගෙන ඇති වූවකි. ඒ අනුව යම් අවතාරයක් "White Lady" ගණයට වර්ග කිරීමට බලපාන මූලිකම නිර්ණායක දෙක වන්නේ ඔවුන් හැඳ සිටින ධවල වස්ත්‍රය හා මෙම සමාන වර්ගයේ ඛේදනීය කතා පුවතයි. ලොව පුරා විවිධ රටවල මෙකී ධවල කන්‍යාවන් සම්බන්ධ මතවාද බොහෝමයක් දැකගත හැකි වේ. බ්‍රසීලියානු පුරාවෘත්තවලට අනුව ධවල කන්‍යාවන් සුදු දිගු නිදන ගවොමක් හැඳ ගත් සුදුමැලි තරුණියන්ගේ පෙනුමෙන් යුතු අවතාර වන අතර මොවුන් දරු උපතේදී මියගිය හෝ පියා හෝ සැමියා විසින් ගෞරවය වෙනුවෙන් මරා දැමනු ලැබූ තරුණියන් ය. එමෙන්ම සැල්වැක් මිථ්‍යා කතාවලට අනුව ධවල කන්‍යාවන් බවට පත් වන්නේ සාහසික ලෙස මරණයට පත් වූ තරුණියන් ය. මේ අතර සිය දිවි හානි කර ගත් ගැහැණු ළමුන් හා සිර ගත කර සිටියදී මියගිය හෝ මරා දැමූ තරුණියන් ප්‍රධාන ය.
ලන්දේසි පුරාවෘත්තවලට අනුව ධවල කන්‍යාවන් යනු පහත් සැක්සන් මුල් ඇති මිථ්‍යා ජීවීන් කොට්ඨාසයකි. මොවුන් ගැන නෙදර්ලන්තයේ නැගෙනහිර හා උතුරු ප්‍රදේශවලින් වාර්තා වන අතර මොවුන් ස්වභාවයෙන් හිතකාමී හෝ අන්තකාමී විය හැක. හිතකාමී ධවල කන්‍යාවන් ඉතා කාරුණික පිරිස්වන අතර ඔවුන් දරු උපත්වලදී සහය වේ. අනිශ්ට ධවල කන්‍යාවන් අලුත උපන් දරුවන් පැහැරගන්නා අතර තමන්ට අනර්ත කර ඇති මිනිසුන්ගෙන් පළි ගන්නා බව මතයයි. ලොව වඩාත් ප්‍රසිද්ධතම ධවල කන්‍යාව ලෙස සැළකෙන නිව්යෝර්ක් නුවර රොචෙස්ටර් හී Durand-Eastman උද්‍යානයේ සැරිසරන ධවල කන්‍යාව Lady in the Lake ලෙස ද හඳුන්වනු ලබන අතර පුරාවෘත්තයට අනුව ඇය දහ නව වන සියවසේ ජීවත් වූ කාන්තාවකි. උද්‍යානය පුරා උමතුවෙන් මෙන්, සිය පෙම්වතා හෝ මැර පිරිසක විසින් මරා දමනු ලැබූ ඇගේ දියණියගේ මළ සිරුර සොයමින් සැරිසරණ ඇය අදට ද ඇතැම් අවස්ථාවලදී දැක ගත හැකි බව කියනු ලැබේ.මහා බ්‍රිතාන්‍යයේ, නැගෙනහිර යෝක්ෂයරයෙන් 'Running Lady' ලෙස හඳුන්වනු ලබන ධවල කන්‍යාවක් වාර්තාවන අතර Beeford හි North Frodingham මංසන්ධිය වෙත දිව එන ඇය මහ මඟ යන වාහනවලට අත දමා නවත්වන බව කියවේ.
ඇමරිකා එක්සත් ජනපදයේම ටෙක්සාස් ප්‍රාන්තයේ ඩැලස් ප්‍රදේශයෙන් The Lady of White Rock Lake නමින් හඳුන්වනු ලබන ලාබාල පෙනුමැති ධවල කන්‍යාවක් මාර්ගයේ ගමන් ගන්නා රථවලට අත දමා නවත්වාගෙන තමාව නිවසට ගොස් ඇරලවන ලෙස අයෑදින සිදුවීමක් වාර්තාවේ. එම සෑම කතා පුවතකටම අනුව ඇය දියෙන් තෙත් වූ සුදු පැහැ දිගු ගවොමකින් සැරසී සිටින දිය වෑහෙන හිසකෙස්වලින් යුතු තරුණියක වන අතර ඇයව තම රියට නංවා ගන්නා පුද්ගලයන් විමතියට පත් කරමින් ඇය ගමන අතරතුරදී එක්වරම අතුරුදන් වන්නේ ඇය හිඳ සිටි ස්ථානයේ ජල පැල්ලමක් ඉතිරි කරමිනි. පුරාවෘත්තයට අනුව ඇය 1930 දී White Rock Lake උද්‍යානයේ බෝට්ටු අනතුරකින් මියගිය අයෙකි.එස්ටෝනියාවෙන් වාර්තා වන ප්‍රසිද්ධම ධවල කන්‍යාව වන්නේ අගෝස්තුවේ පුරහඳ ඇති රාත්‍රින් වල Haapsalu මාළිගයේ සැරිසරන ධවල කන්‍යාවයි. ඇය පූජකයෙකු හා අසම්මත පෙමක පැටලුනු තරුණියක වන අතර පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජික තරුණයෙකු ලෙස වෙස් වලාගෙන ඇය බොහෝ කලක් තිස්සේ මාළිඟයේ සැඟවී ජීවත්වී ඇත. කෙසේ නමුත් Ösel-Wiek හි බිෂොප්වරයා මාළිඟය පරීක්ෂාවට ආ විටක ඇයව හසු වී ඇති අතර ඇයව පල්ලියේ බිත්ති අතර නිරාහාරව සිර කර තබා ඇත. අදට ද ඇගේ අවතාරය පල්ලියේ බෞතිස්ම කරන ස්ථානයේ කවුළුවෙන් පිටත බලාගෙන තම පෙම්වතා වෙනුවෙන් වැළපෙන බව කියවේ.
මෙන්න එයට අදාල තවත් වීඩ්යෝ පටයක්

Reviewed by PRABASH
on
December 21, 2017
Rating:
No comments