මාගම කිරින්ද ස්වාභාවික වැලිවැටියටත් වැඩේ දෙන්නයි යන්නේ

මාගම කිරින්ද ස්වාභාවික වැලිවැටියටත් වැඩේ දෙන්නයි යන්නේ. විශේෂ හෙළිදරව්වක්..අහපල්ලා..මේවා රැක ගනිල්ලා
කිරින්ද නොහොත් මාගම. ඉපැරැණි මාගම්පුර රාජධානිsය පිහිටා තිබුණා යෑයි කියන්නෙ මෙහි. දස භාතිsක රජ පෙළපත මගින් පවත්වාගෙන ආ මාගම්පුර රාජධානිය රුහුණු රාජාධානිය බවට මහත් අභිමානවත්ව ගොඩනැගුවා යෑයි කියන්නෙ දේවානම් පියතිස්‌ස රජුගේ සොහොයුරා වූ මහානාග රජතුමා. රාජ්‍යත්වය සඳහා ඇතිවුණු ගැටුමක්‌ මුල්කරගෙන ක්‍රි.පූ. 246 දී මහානාග දකුණට පළා එනවා.
 ඒ ඇවිත් තමයි මාගම රජවුණා යෑයි කියන්නෙ. ඒ විතරක්‌ නෙමේ පිය පුතු රාජ්‍යත්වය පිළිබිඹු කරමින් පිළිවෙළින් යඨාලතිsස්‌ස, ගෝඨාභය, කාවන්තිsස්‌ස සහ දුටුගැමුණු රුහුණේ නොහොත් මාගම රජවෙනවා. ගැමුණු කුමාරයා රට එක්‌සේසත් කිරීමේ සටන පටන් ගත්තෙත් මෙතනින්ම තමයි. ඒ විතරක්‌ නෙමේ.කැලණිතිස්‌ස රජ දවස රට මුහුදු බත්වීමෙන් ගලවගන්න කැලණියෙන් දියඹට පාකර යෑවූ වීර කාන්තාව විහාර මහා දේවිය ගොඩ බසින්නෙත් මේ මාගම නොහොත් කිරින්දෙන්ම තමයි. ඉතින්, කැලණි ගං තොටින් රට වටා යන්න පටන් ගත්ත අපිටත් කිරින්ද වැදගත් නවාතැන් පලක්‌ බවට පත්වීම සතුටක්‌.
මෙන්න විශේශ හෙලිදරව්වේ වීඩියෝව
මාගම කිරින්ද ස්වාභාවික වැලිවැටියටත් වැඩේ දෙන්නයි යන්නේ මාගම කිරින්ද ස්වාභාවික වැලිවැටියටත් වැඩේ දෙන්නයි යන්නේ Reviewed by PRABASH on December 08, 2017 Rating: 5

No comments