කාන්තා වැසිකිළියේ දර්ශන හොරෙන් වීඩියෝ කරද්දී හසුවෙයි

නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක වැසිකිළියට යන කාන්තාවන්ගේ වීඩියෝ දර්ශණ රහසිගතව පටිගත කරගත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අත්අඩංගුවට පත් පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු වන අතර මොහු අදාළ කොහු කර්මාන්තශාලාවේ ආපන ශාලාවට කිරිපිටි බෙදා හැරීමේ අලවි නියෝජිතයෙකු ලෙස සේවය කර ඇති පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පුද්ගලයා ආපන ශාලාවට පැමිණි අවස්ථාවේ ඒ අසල තිබෙන කාන්තා වැසිකිළියේ කවුළුවකින් සිය ජංගම දුරකථනය යොදාගනිමින් වීඩියෝ කරමින් සිටින බවට කොබෙයිගනේ පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.පසුව පොලිසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.තරුණයාගේ ජංගම දුරකතනයේ තිබී කාන්තාවන් හය දෙනෙකු වැසිකිලියට යන දර්ශණ හමු වූ බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Reviewed by PRABASH
on
December 12, 2017
Rating:

No comments