සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...?විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක්..


සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...?විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක්
මේ දිනවල සාගරය පිළිබඳව විද්‍යාඥයින්ගේ වැඩි අවදානයක් යොමුවී තිබෙනවා. සාගරික ජල ස්ථායිතාවය මුලික කරගනිමින්, කාලගුණික විපර්යාස, පෘතුවි වැස්මේ තත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ස්වභාවික විනාශයන් විද්‍යාඥයින්ට නිමානය කරන්නට පුළුවන්. විද්‍යාඥයින් පවසන පරිදි මේ දිනවල පෘතුවියේ සාගරයන් සහ ගංගාවන් දැඩි කැළඹීමකට ලක්වී තිබෙනවා.
එය සාමාන්‍යය ජනතාව තුල වගේම ලොව ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් තුලත්, භීතියක් ඇති කිරීමට සමත්වී තිබෙන බව වාර්තා වෙනවා.
එම අමුතු සිදුවීම පළමු ප්‍රථම වරට දකින්නට ලැබුනේ, උරුගුවේ පුන්ටා දෙල් එස්ටේ නගරයේ තොට්‍රුපල ආශ්‍රිතවයි. අගෝස්තු මස 11 වෙනිදා අත්ලාන්තික් සාගරයේ ජලය මුහුදු වෙරළේ සිට යාර සිය ගණනක් පිටුපසට දිවගියා. සාමාන්‍යයෙන් එම මුහුදු වෙරල දෙස් විදෙස් සංචාරකයින්ගෙන්, අතුරු සිදුරු නැතුව පිරී යනවා. නමුත් එම දිනයේදී එම මුහුදු වෙරල පැය කිහිපයක් යනකන් හිස්ව පැවතියා.
අගෝස්තු මස 12 වෙනිදා බ්‍රසීලයේ පෝටෝ ඇල්ග්රේ මුහුදු වෙරල තුල, ඉහත සිදුවීමම නැවතත් සිදුවුනා. එපමණක් නොවෙයි, අගෝස්තු 13 වෙනිදා නොකඩවා තුන් වෙනි දිනටත්, බ්‍රසීලයේ කැරගුවාටටුබා වල මුහුද යාර ගණනක් සිඳීගොස් තිබුනා. එම සිදුවීමෙන් පසුව උරුගුවේ සහ බ්‍රසීලයේ මුහුදු වරලවල් ජීවයක් නොමැති කාන්තාර බිමක් සේ දිස්වූනා.
මෙය සුනාමි තත්වයක් ඇතිවීමට පෙර දකින්නට ලැබෙන ලක්ෂණයක් නිසා, එම ප්‍රදේශ වල දේශිකයින්ව ගේම විදෙස් සංචාරයකයින්ද දැඩි කලබලයට පත්වී ඇති බව වාර්තා වෙනවා.
2004 වර්ෂයේදී සිදුවුණු සුනාමියට පෙරත්, සාගරයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවූ බව ඔබ දන්නවා ඇති.
නමුත් මෙම අවස්තාවේදී නම් එවැනි ප්‍රතික්‍රියාවක් සිදුවුනේ නැහැ. එම නිසා එය විසඳාගත නොහැකි උභතෝකෝටික ගැටළුවක් බවට පත්වී තිබෙනවා.
යාර සිය ගණනක් දුරට සිඳී ගිය සාගර ජලය ගමන් කලේ කොහිද? එම සිදුවීම සිදුවී දින දෙකකට පසුව, එසේත් නොමැති නම් අගෝස්තු 15 වෙනිදා, පැසිෆික් සාගරයේ මහා ජල කඳක් චිලී වෙරළට කඩාගෙන වැදුනා. දේශීය වාර්තාවන්ට අනුව එම මුහුදු රල අඩි 16ක් තරම් උසකින් යුතු වුනා.
අත්ලාන්තික් සාගරයෙන් පැමිණි ජලය පැසිෆික් සාගරයට අයත් වෙරලකින් පිටවුනේ කෙසේද? එය තවමත් අභිරහසකි.
විද්‍යාඥයින් මේ පිළිබඳව යමක් දැනගෙන සිටියත්, සාමාන්‍යය ජනතාව කලබල වෙන නිසා පවසන එකක් නැහැ.
අන්තර්ජාලය ඇසුරින්..
සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...?විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක්.. සාගරය තුල අභිරහස් යමක් සිදුවෙයි...?විද්‍යාඥයන් තුළත් භීතියක් ඇතිකළ සිදුවීම් පෙළක්.. Reviewed by Gossip Girl on November 03, 2017 Rating: 5

No comments