ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා.ඉතාමත් දුර්ලබ වීඩියෝවක්
සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.
පාරිභෝගික ධාතූන් වහන්සේලා
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සිරිපා සටහන් පටී ධාතූන් වහන්සේ ජලසාටිකා ධාතූන් වහන්සේ පාත්‍රා ධාතූන් වහන්සේ
ශාරීරික ධාතූන් වහන්සේලා
ලලාට ධාතූන් වහන්සේ අකු ධාතූන් වහන්සේලා දෙනම ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්) ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ කේශ ධාතූන් වහන්සේලා නඛ (නිය) ධාතූන් වහන්සේලා ඌර්ණ රෝම ධාතූන් වහන්සේ භින්න ධාතූන් වහන්සේලා
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා.ඉතාමත් දුර්ලබ වීඩියෝවක්
Reviewed by Gossip Girl
on
November 03, 2017
Rating:
No comments